Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොරෝනා එන්නත් නොගත් අයට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුල් වෙන්න බැරිද? – යුද හමුදාපති දුන් පිළිතුරු මෙන්න

By News Team on September 28th, 2021 in Local

ලබන මස 1 වනදා අලුයම 04ට රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව යුද හමුදාපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දී ඇත්තේ පොදු ප්‍රවාහන ඇතුළු අංශ ඉලක්ක කර අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙසයි.

ඊයේ (27) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

ඊට අමතරව ජනතාවට අවශ්‍ය උපදෙස් මාලා සකස් කරන ලෙස සියලු අමාත්‍යංශවලට උපදෙස් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ කොරෝනා එන්නත් ගෙන නොමැති පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථාන වෙත ඇතුළු විය නොහැකි බවට කිසිඳු උපදෙස් මාලාවක් නිකුත් කර නොමැති බවයි.