Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නව මහ බැංකු අධිපති ලෙස කබ්රාල් වැඩ භාර ගැනීම ලබන බ්‍රහස්පතින්දා

By News Team on September 12th, 2021 in Local

නව මහ බැංකු අධිපතිවරයා ලෙස ලබන බ්‍රහස්පතින්දා උදෑසන 8ට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

ඊයේ (11) දිනයේ ආශීර්වාද ලබා ගැනීමට මහින්තලා රජමහා විහාරය වෙත පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම වෙනුවෙන් ඔහු හෙට (13) දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවයි කබ්රාල් මහතා විහාරාධිපති හිමියන්ට දැනුම් දුන්නේ.