Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මීළඟ මහ බැංකු අධිපති වෙන්න කබ්රාල් අද සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

By News Team on September 13th, 2021 in Local

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අද (13) දිනයේ ඉල්ලා අස්වීමට නියමිතයි.

ඒ මීළඟ මහ බැංකු අධිපතිවරයා ලෙසයි පත්වීම සඳහායි.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා යොමු කර ඇති බවයි.

ලබන බ්‍රහස්පතින්දා උදෑසන 08ට නව බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.