Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කැබිනට් මණ්ඩල සංශෝධනය අද – ඇමතිවරුන් කිහිපදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි

By News Team on August 16th, 2021 in Exclusive Story

කැබිනට් මණ්ඩල සංශෝධන අද (16) දිනයේ සිදු කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ අනුව ඇමතිවරුන් කිහිපදෙනෙක්ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස කැඳවීම් ලැබී ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන්ටයි.

කෙසේ වෙතත් මේ දක්වා ඔවුන්ට ලැබෙන අමාත්‍ය ධුර හෝ ඇමති සංශෝධන පිළිබඳ නිල වශයෙන් තොරතුරු වාර්තා වන්නේ නැහැ.