Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ළඟදීම සිදු වන ලකුණු – ගම්මන්පිලගේ ඇමැතිකමත් අහිමිවීමේ අවධානමක්?

By News Team on July 18th, 2021 in Exclusive Story

ඉදිරි දිනවල රජය විසින් සිදුකිරීමට නියමිත බව පැවසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී කැබිනට් අමාත්‍යාංශය හයක වෙනස් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

සති අන්ත පුවත්පතක් වාර්තා කරන්නේ රජයේ නව දේශපාලන ප්‍රතිසංස්කරණ යටතේ මෙම කැබිනට් මණ්ඩලයේ වෙනස සිදු කිරිමට නියමිතයි.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ විෂයන් 6ක පමණ වෙනස් කිරීමටයි යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ විදේශ, අධ්‍යාපන, කර්මාන්ත, බලශක්ති, ප්‍රවාහන හා නිවාස යන විෂයන් මෙලෙස සංශෝධනය වන විෂයන් බවයි.

මීට අමතරව තවත් විෂයන් දෙකක් ද මාරු කිරීමට රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් මේ දක්වා ගෙන නොමැති අතර අදාළ සියලු තීන්දු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී මේ වන විට පුරප්පාඩුව පවතින කැබිනට් අමාත්‍ය ධුර 2ක් සහ රාජ්‍ය අමාත්‍ය ධුර 1 සඳහා නව පත්වීම් සිදු කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.