Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 23ක් මෙරටට ගෙන එන්න කැබිනට් අනුමැතිය

By News Team on August 18th, 2021 in Local

සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 09 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිළ දී ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

වයස අවුරුදු 18 ත් 30 ත් අතර පුද්ගලයින් එන්නත්කරණය කිරීම සදහා සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් භාවිත කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධන එන්නත්කරණය යටතේ සැප්තැම්බර් මස 30 වෙනිදා වනවිට මෙරට අවුරුදු 18 ට වැඩි සියලූ ජනතාවට කොවිඩ් එන්නත ලබාදීම රජයේ ඉලක්කයයි.