Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඩොලර් කෝටි 250 ණයක් ගන්න කැබිනට් අනුමැතිය

By News Team on September 12th, 2021 in Exclusive Story

බරපතළ මුල්‍ය අර්බුදය මුහුණ පා සිටින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අමෙරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොලෙන් කඩිනමින් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ වන විට එම ණය මුදල අමෙරිකාවේ “කන්සෙප්ට් ග්ලෝබල්” නම් මුල්‍ය ආයතනයෙන් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

වසර 2ක සහන කාලයක් සහිතව ලැබෙන මෙම ණය මුදල ආපසු ගෙවීම් කාලය වසර 12ක් දක්වා ලබා දී තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශය ආරංචි මාර්ග වාර්තා වන්නේ සියයට 3ක වාර්ෂික පොලී අනුපාතය යටතේ මෙම ණය මුදල කඩිනමින් ලබා ගැනෙන බවයි.

ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් කෝටි 330 ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය බැංකු දෙකේ කල් පිරී ඇති ණයවර ලිපි පිය වීමට පවා මේ වන විට නොහැකි තත්ත්වයක් ඇති බව වාර්තා වනවා.