Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

2021 අවසානය වන විට ශ්‍රී ලංකාවේ දරුණු කොරෝනා ප්‍රභේදයක් නිර්මාණය වෙන්න පුළුවන් – GMOA

By News Team on August 18th, 2021 in Local

ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් ආවරණය වන ලෙස කොරෝනා එන්නතේ 3 වැනි මාත්‍රාවක් අවශ්‍යතාව පැන නැගී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සෞඛ්‍ය සේවකයන් පවා මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බවයි.

වර්ථමාන එන්නත්කරණ මඟින් හිමිවී ඇති ප්‍රතිශක්තිය මඟ හැර යාමට සමත් ශ්‍රී ලාංකීය දරුණු කොරෝනා ප්‍රභේදය 2021 වසර අවසානයේ වන විට නිර්මාණය වීමේ හැකියාවද පවතින බව එම නිවේදනයේ සඳහන් වනවා.

ඔවුන් එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවකයන් හට සහ මෙරට සාමාන්‍ය ජනතාවට තුන්වැනි මාත්‍රාවක් අවශ්‍යතාව විශේෂඥ මණ්ඩලයකින් තීරණයක් කළ යුතු බවයි.