Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආසන ගණන ඉක්මවා මඟීන් ගෙන බස් රථ පොලිස් භාරයට

By News Team on October 4th, 2021 in Local

ආසන ගණන ඉක්මවා මඟින් ප්‍රවාහනය කරන බස් රථ අද (04) සිට පොලිස් භාරයට ගැනීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.

එලෙස පොලිස් භාරයට ගන්නා බස් රථවල බලපත්‍ර තහනම් කිරීමටයි ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

පොලිස් භාරයට ගන්නා බස් රථ නැවත දැනුම් දෙන තෙක් පොලිස් භාරයේ තබා ගැනීම සඳහා අවශ්‍යය උපදෙස් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන ඇති බවයි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.