Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලබන 30 වනදා තෙක් බස් – දුම්රිය ධාවනය වෙන්නේ නැහැ

By News Team on August 21st, 2021 in Local

දුම්රිය හෝ බස් රථ අද (21) සිට ලබන 30 වනදා දක්වා ධාවනය නොවන බව ප්‍රවාහනය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත එම ආයතනයට පමණක් ලංගම බස් රථ ලබාදීමට සුදානම් බවයි.

අත්‍යාවශ්‍ය සේවා සඳහා වන විශේෂ බස් හැරන්නේට මඟී ප්‍රවාහන දුම්රිය හෝ ලංගම හෝ පෞද්ගලික බස් රථ ධාවනය නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.