Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

By News Team on October 31st, 2021 in Local

අද (31) අළුයම 04 සිට පළාත් අතර සංචරණ සීමා ඉවත් කෙරුණා.

ඒ අනුව හෙට (01) සිට පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන කාර්යාල සේවකයන් සඳහා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර හෙට සිට පළාත් අතර දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

ඒ අනුව ප්‍රවේශ පත්‍ර කවුළු හරහා මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.