Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලිවර්පුර් බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ත්‍රස්ථ අවධානම් මට්ටම ඉහළ දමයි

By News Team on November 16th, 2021 in International

එංගලන්තයේ ලිවර්පූල් නගරයේ කාන්තා රෝහලක අසළ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ මෝටර් රථයක් පිපිරීමෙන් මෙම පිපිරුම සිදුව ඇති බවයි.

පිපිරීමට ලක්ව ඇත්තේ කුලී මෝටර් රථයක් වන අතර එහි ගමන් කළ මඟියා මියගොස් ඇති අතර කුලී රථයේ රියදුරා සිද්ධියෙන් තුවාල ලබා තිබෙනවා.

සිද්ධියට සැකපිට ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමේ පණත යටතේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 21, 26 සහ 29 වයස්වල පසුවන්නන්යි.

මේ අතර බෝම්බ පිපිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත අවධානම් මට්ටම ඉහළ දමා තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ප්‍රීටි පටෙල් කියා සිටියේ බ්‍රිතාන්‍යයේ ත්‍රස්ථ අවධානම් මට්ටම සැලකිය යුතු ප්‍රමාණයක සිට දැඩි මට්ටමට ඉහළ දමා ඇති බවයි.