Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හදිසි නීතිය නැවත ගෙන ඒම – දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන මානව හිමිකම් මහ කොමසාරිස් කතා කරයි

By News Team on September 14th, 2021 in Local

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා අද (14) ස්වීට්ස්ර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඇමතීමට නියමිතයි.

ඊයේ (13) දිනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහ කොමසාරිස් විසින් එල්ල කළ චෝදනාවලට එහිදී පිළිතුරු ලබා දීමට නියමිතයි.

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම, හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිදහස දීම, සිවිල් ක්‍රියාකාරීන් මර්දනය ඇතුළු චෝදනා රැසක් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ වාර්තාව පිළිබඳ විවාදය අද (14) පැවැත්වෙන අතර සාමාජික රටවල්, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් අද (14) ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වනු ඇති.