Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අපනයන බෝග ඇතුළු වී වගාවට අවශ්‍ය රසායනික පොහොර ගෙන්න – ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි

By News Team on October 11th, 2021 in Exclusive Story

වී ගොවිතැනට, අපනයන බෝගවලට සහ එළවළුවලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන ලෙස ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනෙක් පමණ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ එළවළු ගොවීන්, වී ගොවීන් සහ අපනයන බෝග වගාකරුවන්ටද රසායනික පොහොර සහ කෘෂිරසායන නොමැති වීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි මන්ත්‍රීවරුන් අදාළ ලිපියේ පෙන්වා දී ඇත්තේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සංවේදීව යළි සිතා බලන ලෙස මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ලිපියෙන් ඉල්ලීම් කර තිබෙනවා.

පසුගිය කාලයේ වී වගාවට අවශ්‍ය රසායනික පොහොර නොදුන් යැයි කියමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගොවින් උද්ඝෝෂණ කළ අතර, ඇතැම් ප්‍රදේශවල ගොවීන් මෙවර කන්න රැස්වීම්ද වර්ජනය කරනු ලැබුවා.

ගොවීන් විරෝධතා දක්වමින් කියා සිටියේ මහ කන්නට අවශ්‍ය රසායනික පොහොර නොදෙන්නේ නම් මහ කන්නයේ වගාවට අවශ්‍ය ජලය මුදා හැරීමද නොකරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.

මේ අතර තේ වගාව සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවර යොමු වන තෙක්, රසායනික පොහොර ආනයනය කිරීමට පසුගිය සතියේ රජය අවසර ලබා දුන්නා.