Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පැන්ඩෝරා ගණුදෙනු ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

By News Team on October 7th, 2021 in Local

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කර තිබෙනවා.

එම කොමිසම කියා සිටියේ ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (06) දිනයේ නියෝග කිරීමෙන් අනතුරුවයි ඔවුන් මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව මසක් ඇතුලත මේ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත් හෙට (08) දිනයේ දී මීට අදාළව ප්‍රකාශයක් ගැනීමට පැමිණෙන ලෙස ද සිද්ධියට සම්බන්ධ පාර්ශවයකට අල්ලස් කොමිසම දැනුම් දී තිබෙනවා.