Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලබන බදාදා දේශ සීමා විවෘත කරනවාමයි – ඕස්ට්‍රේලියානු අගමැති කියයි

By News Team on December 13th, 2021 in International

ලබන බදාදා සැලසුම් කර ඇති පරදීම ඕස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

මේ අනුව කලින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි වීසා ඛාණ්ඩ 28ක් යටතේ ජාත්‍යන්තර සිසුන්ට මෙන්ම පුහුණු ශ්‍රමිකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුළු විය හැකියි.

පසුගිය දෙසැම්බර් 01 වනදා වීසා ලාභීන්ට ඕස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීමට සැලසුම් කළත් ඕමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එය සති දෙකකින් කල් දැමුණා.

මේ අතර ජපානයේ සහ දකුණු කොරියාව සිට සංචාරක වීසා යටතේ එම රටවල පුරවැසියන්ට මේ මස 15 වනදා සිට පැමිණිය හැකි බවයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කියා සිටියේ.