Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙරටින් වාර්තා වූ පළමු සය නිවුන් දරු උපත

By News Team on October 21st, 2021 in Local

මෙරට පළමු සය නිවුන් දරු උපත අද (21) කොළඹ පෞද්ගලික රෝහලකදී වාර්තා වුණා.

සිසේරියන් සැත්කමක් හරහා මෙම දරු උපත සිදුව තිබෙනවා.

අද (21) අළුයම 12.16ත් 12.18ත් අතර කාලයේ දී සිදුව ඇති අතර මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් සැත්කම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුයි.

රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ 31 හැවිරිදි කාන්තාවට දාව උපන් බිළිඳුන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

ඔවුන් අතරින් දෙවැනියට උපත ලැබූ දරුවා පමණක් මේ වන විට දැඩි වෛද්‍ය පරික්ෂාවේ පසුවන අතර මෙම නිවුන් දරුවන්ගේ මව සහ පියා කොළඹ IDH ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.