රනිල්, මහින්ද එක්ක අවුරුදු 76ක් හිටිය මිනිස්සුන්ට රිලව් එක්ක මාස 6ක් ඉවසලා ඉන්න පුලුවන්…

රනිල්ලා, මහින්දලා, සජිත්ලා එක්ක අවුරුදු 76ක් සිටි මිනිස්සුන්ට රිලව් එක්ක
තව මාස 6ක් ඉවසා සිටීම අපහසු නොවන බව වරාය නාවික හා ගුවන් සේවා අමති බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ඊයේ (21) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය රාජකාරී කටයුත්තක් සඳහා කොළඹ වරාය පරිශ්‍රයට පැමිණි අතර, එහිදී මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ “මේ ආණ්ඩුව ආව ගමන් පොල් මිල වැඩි වීමට හේතුව කුමක්ද” යන වගයි.

ඊට පිළිතුරු දක්වමින් බිමල් රත්නායක මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

“අපේ රටේ තියෙන දේශගුණය අනුව දෙසැම්බර් මාසයේදී කොහොමත් පොල් හිඟයක් එනවා.. පොල් හිඟයට හේතු ගනණාවක් තියෙනවා. සාමාන්‍යෙන් පොල් ගහක් හිටවලා ගෙඩි හැදෙන්න කොච්චර කාලයක් යනවද.. ඔය නාලිකාවේ අයිතිකාරයගෙනුත් අහන්න ඕනෙ.. පොල් ගහක් හැදෙන කොච්චර කල් යනවද කියල.. මිනිස්සුන්ට පිස්සු නෑ.. මිනිස්සුන්ට අමාරුයි. ඒක ඇත්ත.. හැබැයි මිනිස්සුන්ට පිස්සු නෑ.. හැබැයි මම හිතනවා රනිල්ලා, මහින්දලා, සජිත්ලා එක්ක අව්රුදු 76ක් හිටපු මිනිස්සු රිලව් එක්ක මාස 6ක් ඉඳීවි.. ඒ ප්‍රශ්නෙ කෘෂිකර්ම අමාත්‍යංශයත් පරිසර අමාත්‍යංශයත් බොහොම විද්‍යානුකූලව විසඳයි. මිනිස්සුන්ට පිස්සු නෑ…”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *