Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දේශපාලන හතුරන් මිතුරු වී, තම දේශපාලන මිතුරා බේරාගන්න කළ මානුෂිය මෙහෙයුමේ තිරය පිටුපස කතාව

By News Team on August 28th, 2021 in Exclusive Story

දේශපාලනයේ සදාකාලික මිතුරෝද සතුරෝ ද නැත. එය ශ්‍රී ලාංකීය දේශපාලනයට කිරි ගහට ඇන්නා සේ සරිලන වැකියකි.

පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සමාජ තුළ මංගල සමරවීර යන නාමය කතා බහට ලක් වීමට පටන් ගත්තේ ඔහුගේ හදිසි වියෝව හේතුවෙනි.

කලින් කලට දේශපාලනයේ විවධ පෙරලි සිදුකරමින් රජුන් තැනීමට මෙන්ම රජුන් බලයෙන් පහ කිරීමට මංගලට දක්ෂ හැකියාව තිබිණි.

මංගල තැනු රජුන් අදටත් ශ්‍රී ලාංකීය දේශපාලන පොර පිටියේ ඉහළ පුටුවල වැජඹේ.

මංගල මේ මස මුල දී කොරෝනා ආසාධිතව ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා සුව අතට හැරෙමින් සිටි බවයි වාර්තා වුණේ.

බොහෝ දේශපාලන පක්ෂ විපක්ෂ හිතවතුන් මංගලගේ සුවදුක් විමසීමට කටයුතු කළේ තමන්ගේ දේශපාලන මත පසක තබමිනි.

මේ මංගල කොරෝනා මාරයාගෙන් බේරාගැනීමට ශ්‍රී ලාංකීය දේශපාලන ප්‍රභලයින් තිරය පිටුපස ගෙන ගිය මානුෂිය මෙහෙයුමේ කතා පෙළයි.

මංගලගේ ඇමතුම

කොරෝනා ආසාදිත වුණු හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කොළඹ පෞද්ගලික රෝහලකය. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මංගල පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දුරකථනයෙන් කතා කළේය.

ඔහු කතා කර කීවේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සිදුකෙරෙන ක්‍රමවේදයන්හි තිබෙන යම් යම් අඩුපාඩු පිළිබඳවය. පෞද්ගලික රෝහල්වල පමණක් නොව රජයේ රෝහල්වලද තිබෙන අඩුපාඩු පිළිබඳව අවධානය යොමු කරන ලෙස මංගල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මංගලගේ සුවදුක් විචාල ජනාධිපතිවරයා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය. ගැටලුවක් වේ නම් තමන්ට දන්වන ලෙසද කීවේය. ඉන්පපසුව අදාළ පෞද්ගලික රෝහලටද කතා කළ ජනාධිපතිවරයා මංගල ගැන මෙන්ම ද රෝගීන්ගේ අඩුපාඩු ගැනද සොයාබලා කටයුතු කරන ලෙස දන්වා සිටියේය.

ජනාධිපතිවරයා මංගල කතා කළ පුවත ඇමැතිවරුන්ට හෙළි කළේ පසුගිය කැබිනට් රැස්වීමේදීය. රෝහල ප්‍රතිකාර ලබන රෝගීන්ට ඔක්සිජන් ලබාදීමේදී සිදුවන අපතේයෑම් ගැනද ජනාධිපතිවරයා එහිදී ඇමැති මණ්ඩලයේ අවධානය යොමු කළේය. සමහර රෝගීන්ට උද්දේ ලබාදෙන ඔක්සිජන් සැපයුම පැය කිහිපයකින් ඉවත් කළ හැකි වුවත් පස්වරුව වන තෙක්ම බොහෝ තැන්වල එකදිගටම ලබාදීමෙන් ඔක්සිජන් අපතේ යෑමක් සිදුවන බවටද ජනාධිපතිවරයා එහිදී ඇමැති මණ්ඩලය දැනුවත් කළේය.

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී බිතුසිතුවම් රූ මෙන් පිටු නොපා යතී

දේශපාලනයේ සදා හතුරන් හෝ මිතුරන් හෝ නැතැයි කියති. මේ කියවන ඔබටත් සටහනක් තබනට පෙලඹුණේ මංගල සමරවීර හදිසියේ කොවිච් -19 ආසාදිතව පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ පුවත හා එහිදී ඔහුගේ ආසාදිත තත්ත්වය බරපතළවීමේදී මුහුණදුන් අසීරු බවයි.

ඒ අවස්ථාවේ මංගල සමරවීර මහතා හුස්ම ගැනීමේ අපහසුතාවකින් පසුවීම ගැන හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංගට දැනගන්නට ලැබිණි. ඔහුට වඩාත් පහසුකම් ඇති අවශ්‍ය ඖෂධ පහසුවෙන් ලබාගත හැකි රෝහලක් ලබාදීමට චන්ද්‍රිකා ලොකු උත්සාහයක් ගත්තත්, එවැනි රෝහල් කොවිඩි රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබීම නිසා කරන්නේ කුමක්දැයි සිතාගන්නටවත් බැරි තත්වයකට ඇය පත්වූවාය.

චන්ද්‍රිකාට ඒ මොහොතේ කල්පනාවට ආවේ අගමැති මහින්දයි. දේශපාලන මති මතාන්තර තිබුණත් ඇය මහින්දට දුරකථනයෙන් කතා කළාය. ඇය මහින්දට දැනුම් දුන්නේ මංගල කේවිඩ් ආසාදිතව බරපතළ තත්ත්වයකින් පසුවන නිසා දැඩි සත්කාර පහසුකම් ඇති රෝහලක් ලබා ගන්නට උදවු කරන ලෙසය. මංගල මහින්දගේද පැරැණිතම දේශපාලන සගයෙකි. අගමැති මහින්ද වහා ක්‍රියාත්මක වී තම දේශපාලන සගයාට උදවු කළේය.

දැඩි සත්කාර පහසුකම් ඇති ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුළු කරගත හැකි විය. ඒ වන විට මංගල පසුවූයේ හුස්ම ගැනීමේ අපහසුතාවකිනි. එවැනි රෝගීන් සඳහා Tocilizumab එනත ප්‍රතිකාරයක් සඳහා ලබාදීම වෛද්‍යවරුන්ගේ උපදේශය විය. උපදේශය එය වුවත් එම එන්නත රජයේ රෝහලකින් හෝ පෞද්ගලික රෝහලකින් හෝ පෞද්ගලික ෆාමසියකින් හෝ ලබාගන්නට ඒ අවස්ථාවේ පහසුකමක් තිබුණේ නැත. අවසානයේ මහින්ද රාජපක්ෂ , සජිත් ප්‍රේමදාස හා ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක හිමිකරුවකු එම එන්නත් තුනක් දැඩි වෙහෙසක් දරා සොයා දීමට සමත්වූහ.

මංගල සිටි තත්වය හමුවේ වෛද්‍යවරුන්ට එම එනත් තුනම ලබාදීමට සිදුවිය. මංගලට පහසුවෙන් හුස්ම ගන්නට හැකිවූයේ එම එන්නත් ලබාදීමෙන් පසුවය. දේශපාලන මතභේද නොහොඳ නෝක්කඩු මොනවා වුවාත් ඒ අවස්ථාවේ මංගල සුවපත් කර ගන්නට මේ දේශපාලනඥයින් දැක්වූ උපකාර කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

මංගලගේ අවසන් පැය කිහිපය

පසුගිය 24 වැනි අඟහරුවාදා පෙ.ව. 11.00 ට පමණ කොවිච් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර අභාවප්‍රාප්ත වූ පුවත පැතිර ගියේය . ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා , මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය, රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයෙත්, විපක්ෂයෙත් ජනතා නියෝජිතයන් රැසක්ම මෙම පුවත අසා දැඩි සංවේගයට පත්ව තිබිණි. මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වී අසාධ්‍ය වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුට කොවිඩ් නිව්මෝනියා තත්ත්වය ඇති වූ නිසා ඊට අදාළ එන්නත් කඩිනමින් ලබාදිය යුතුව තිබිණි. මේ වන විට ලෝකය පුරාම මෙම එන්නතට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. කොවිච් නිව්මෝනියා තත්වයන් උත්සන්න වූ පසුව වෛද්‍ය නිර්දේශ මත මෙම ‘ටොසී ’ කියස එන්නත ලබාදේ.

අගමැති මහින්දගේ දෑසේ කඳුළු

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ අසාධ්‍ය තත්වය ගැන ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර මනහර විසින් අගමැති සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංගට දැනුම් දී තිබුණේ මේ ගැන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන ලෙස ඉල්ලීමක්ද කරමිනි. මංගල සිටින අසාධ්‍ය තත්ත්වය ගැන ධනසිරි විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර තම මිතුරාට අත් ඇති ඉරණම ගැන දැනගත් අග්‍රාමාත්‍යවරයා දැඩි කම්පාවට පත් වූ අතර ඔහුගේ දෑස්වල කඳුළුද දැකගත හැකි විය.

“මොන මතිමතාන්තර තිබුණත් අපි හොඳ මිත්‍රයෝ. 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ප්‍රබලයන් මාගේ පරාජය වෙනුවෙන් වැඩ කරද්දී මංගල මාව දිනවන්න කෙළින් හිටියා” යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ ඉතා සංවේදී ආකාරයකටය. ” ඒ වගේම සර් , මංගල ඇමැතිතුමාට කළගුණ සැලකුවා. 2005 ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැතිකම් 3 ක් මංගල ඇමැතිතුමාට සර් ලබාදුන්නා. වරාය හා නාවික කටයුතු, විදේශ කටයුතු, ජනමාධ්‍ය මේ වගේ ඇමැතිකම් 3 ක් එකවර කිසිම ආණ්ඩුවකින් මංගල සමරවීර මහත්තයට දීලා තිබුණේ නැහැ” යනුවෙන් ළඟ සිටි නිලධාරියකු අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දෙන ලදී.

“ඔව් .. ඔව් …. ඒත් යම් යම් මතවාද එක මංගල වෙනම දේශපාලන ගමනක් ගියත් අපි දෙන්නා අතරේ තිබුණු මිත්‍රත්වය හැමදාමත් තිබුණා” යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ සුවදුක් විමසීම සඳහා අගමැතිවරයා ඔහු ගේ සොහොයුරිය ජයන්ත සමරවීරටත්, සම්බන්ධීකරණ ලේකම්වර සමීර මනහරට සහ රුවන් ෆර්ඩිනැන්ඩස්ටද කතා කොට තිබිණි.

මංගල සමරවීර සිටින අසාධ්‍ය තත්ත්වය දැනගත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඒ ගැන සොයා බලා ටොසී එන්නත සොයාගැනීමටද පියවර ගත්ය. අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි වන යෝෂිත රාජපක්ෂට අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ප්‍රකාශ කර ඇත්තේ එම එන්නත කඩිනමින් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට ලබාදීමට වහා ක්‍රියාත්මක වූ යෝෂිත රාජපක්ෂ එම එන්නත් තිබෙන ස්ථාන සොයා බලා ඒවා මංගල සමරවීර ප්‍රතිකාර ලබන රෝහලට යැවීමට පියවර ගත්තේය. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත්, මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයාත් එන්නත් සොයාදීමට දැඩිව වෙහෙස වී තිබිණි.

කෙසේ නමුත් මෙම එනවලින් ක්‍රම ක්‍රමයෙන් සුව අතට පවූ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා දුරකථනයෙන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයාටද කතාකොට තිබිණි.

බොරැල්ල කනත්ත අසලට මිත්‍රයන් රැසක්

සෞඛ්‍ය උපදෙස් අනුව එදිනම අවසන් කටයුතු බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී සිදුවූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ටිරාන් අලස්, දුමින්ද දිසානායක, ඩයනා ගමගේ ඇතුළු පක්ෂ විපක්ෂ තම දේශපාලන සගයන්, හිතවතුන් බොරැල්ල කනත්තේ පිටුපස ගේට්ටුව අසලට වී ආදාහනාගාරයේ දුම් කවුළුවෙන් මංගල සමරවීරගේ ශරිරයේ අවසන් දුම්රොටු ඉහළ වායුගෝලයට මුසුවන අයුරු බලා සිටිනු දක්නට ලැබිණි .

තමන්ව මංගල මාතරදී පිළිගත් හැටි සජිත් කියයි

මංගල සමරවීර හිටපු ඇමැතිවරයාගේ අභාවය ගැන උදෑසනම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පණිවුඩය ලැබුණේය . සියල්ලන්ටම මෙන් සජිත්ටද ඒ පුවත දරාගැනීමට නොහැකි විය. සජිත්ගේ හිතේ ඇතිවූ දුක තුනී කර ගැනීමට ඔහු තමන්ගේ හිතවතුන් කිහිපදෙනෙක්ට කතා කළේය.

“ජනාධිපතිවරණයට මම එනවා කියලා මුලින්ම හරීන් බදුල්ලේ රැස්වීම තිව්වම දෙවැනි රැස්වීම මංගල මාතර තිබ්බා . ඊළඟ ජනාධිපතිතුමනි ආදරයෙන් පිළිගනිමු කියලා තමයි එදා මංගල පිළිගැනීමට කිව්වේ” සජිත් කීය. “ඉස්සර මංගලයි මාත් අතර ලොකු සම්බන්ධයක් තිබුණේ නෑ.

ඒත් යහපාලන ආණ්ඩුව කාලයේදී අපි ගොඩක් ළංවුණා. නිවාස අමාත්‍යාංශයේ වැඩවලදී අපි ගොඩක් ළඟින් වැඩ කළා. මංගල කොතරම් හොද මිත්‍රයෙක්ද කියලා තේරුම් ගත්තේ ඔහු ළඟින් ඇසුරු කරපු කාලයේදී ”සජිත් කතා කළ සියලුදෙනාටම කීවේ මංගලගේ ගුණය.

මංගලගේ අවසන් කටයුතු සිදුවන විට බොරැල්ල කනත්තට යෑමට සජිත් දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් වෛද්‍යවරු හා ආරක්ෂක නිලධාරින්ගෙන් එයට අවසරයක් නොවීය. සජිත්ද කොරෝනා ආසාදිතව සිට සුව වීම නිසා ප්‍රවේශම් විය යුතු බව බොහෝ දෙනාගේ අදහස විය.

“මංගලගේ ජීවිතය බේරාගන්න ඔබතුමා ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගතාන්නේ බෙහෙත් නැතිවෙනකොට බෙහෙත් ටිකත් කොහෙන් හරි හොයලා ගෙනත් දුන්නාන්නේ” සජිත්ට කතා කළ විපක්ෂ නායක ලේකම්වරයා ඔහුගේ හිත හැදීමට උත්සාහ ගත්තේය.

මංගලගෙන් රනිල්ට ඇමැතුමක්

වජිර, සාගල හා දිනුක් කොළඹගේ ඉකුත් සඳුදා නායකයාගේ නිවෙසට පැමිණියේ සංවත්සරයේ ඉදිරි කටයුතු ගැන කතා කිර්මටය. ඔවුන් කතා බහ කරන්නේ සිටියදී සේවකයකු පැමිණ කීවේ මංගල සමරවීර, නායකයාගේ දුරකථනයට සම්බන්ධව සිටින බවය. කොවිච් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීරගේ සෞඛ්‍ය තත්වය නායකයා රෝහල් කාර්ය මණ්ඩලයෙන් විමසා තිබූ බැවින් ඒ බව දැනගත් ඔහු නායකයාට ඇමතුමක් ලබා දී තිබුණි.

තමන්ට මුව ආවරණ පැළද කතා කිරීමට අපහසු බව මංගල කියද්දී නායකයා කිවේ “කතා කරන්න උත්සහ කරන්න එපා. අපි හැමවිටම ඔබ ගැන සොයා බලනවා. සුවය ලැබූ පසු හමුවෙමු” යනුවෙනි. සුවපත්ව පැමිණි පසු හමුවීමට පැමිණෙන බව කියා නායකයා දුරකථනය විසන්ධි කරද්දී මංගලද ඊට කැමැත්ත පළ කොට තිබුණේ ඉතා ප්‍රීතියෙනි. ” මංගල අසනීප වූ සතියෙත් අපි හමුවෙන්න දාගෙන තිබුණේ. ලොකු වැඩ කොටසක් ගැන අපි කතා බහ කරමින් සිටිනවා” නායකයා කීවේ වජිර දෙස බලමිනි.

එතුමා ගැන අපි වගේම ආණ්ඩු පක්ෂයෙත් ගොඩක් අය හොයලා බලනවා” යනුවෙන් පැවැසුවේ වජිර අබේවර්ධනය .

ෆයිසර්, මොඩර්තනා ගෙන්වීමට මංගලද කැප වූ බව රනිල් කියයි

අගහරුවාදා පෙරවරුවේ නායකයාට දැනගැනීමට ලැබුණේ කනගාටුදායක පුවතකි. ඉන් කියැවුණේ මංගල සමරවීර හිටපු ඇමැතිවරයා මියගිය බවය. එම පුවතින් පසු නායකයා රුවන්ට, වජිරට හා රංගේන්ට කතා කරමින් පැවැසුවේ අභාවය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අපෙන් ඉටු විය යුතු යුතුකම් කොටස ගැන සොයා බලන ලෙසය.

බොරැල්ල කනත්තට ගොස් සිය පක්ෂ සගයාට අවසන් ගෞරව දැක්වීමට නායකයාට අවශ්‍ය වුවත් ආරක්ෂක අංශ හා පවුලේ ඥාතීන්ගේ දැඩි ඉල්ලීම මත එම අදහස ඉවත් කර ගැනීමට ඔහුට සිදුවිණි. සූම් තාක්ෂණය ඔන්සේ පක්ෂයේ හිටපු මන්ත්‍රිවරුන් සමඟ කතා බහ කිර්මට නායකයා එක් වූවේ ඉකුත් සතියේ බදාදාය.

මුළීන්ම මංගල සමරවීර හිටපු ඇමැතිවරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් පිරිස විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කළහ. “මංගල සමරවීර කියන්නේ එක්සත් ජාතික පක්ෂ හිටපු සාමාජිකයෙක්, මංගලට අවශ්‍ය වුණේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු කර ගත් පොදු බලවේගයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනඟන්නයි.

අපි බොහෝ දේවල් කතා කළා. සැලසුම් කළා. ඔහුගේ අභාවය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම කණ්ඩායම්වලට වූ පාඩුවක් ඇමෙරිකානු ආධාර ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් ඔහුගේ මිතුක වූ නිසා ලංකාවට මොඩනා හා ෆයිසර් එන්නත් ගෙන්වා ගන්න ඔහු කැපවුණා” එජාප නායකයා සාකච්ඡාව ආරම්භ කළේ මංගල ගැන දීර්ඝ විස්තරයක්ද කරමිනි.

“මංගල සමරවීර වැනි අයෙක් නැතිවීම එක්සත් ජාතික පක්ෂයට ලොකු පාඩුවක්. අපට යන්න බැරි ගොඩක් තැන්වලට එතුමා ගියා. නමුත් අපට මේ වෙනුවෙන් දැන් අලුත් සැලසුම් හදන වේවි. කොවිච් වසංගතය නිසා රටේ ජනතාව රටේ වෙන්නේ මොනවද කියලා සිතාගන්න බැරුව ඉන්නේ” රුවන් කීවේ දැඩි වේදනාවෙනි.