Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට

By News Team on July 6th, 2021 in Local

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දන්වා යවා තිබෙනවා.

ඒ අනුව කොමිසම විසින් ඉදිරියේදී පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයා වෙත සුදුසු අයෙකු නම් කර එවන ලෙස දන්වා යවනු ඇති.

ඊට පොදුජන පෙරමුණු මහලේකම්වරයා නමක් යෝජනා කර යැවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් එම නාමය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා යන දින දෙකෙන් එකකදී දිවුරුම් දෙනු ඇති බවයි.

මේ අතර ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.