Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බැසිල් යළි දිවයිනට – තෙල් මිළත් අඩුවෙයි ද?

By News Team on June 24th, 2021 in Local

පෞද්ගලික හේතුවක් මත අමෙරිකා බලා පිටත්ව ගොස් සිටි ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම සඳහා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (24) උදෑසන දිවයිනට පැමිණියා.

බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ බිරිඳ සහ මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ද පැමිණ තිබෙනවා.

ඩුබායි සිට පැමිණි එමිරේස්ට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (24) උදෑසන 8.30ට පමණ ඔවුන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මැයි 12 වනදා මෙරටින් පිටත් වූ අතර ඔහු රට හැර යාම පිළිබඳ ශ්‍රී ලාංකීය දේශපාලන පිටියේ උණුසුම් පුවතක් බවට පත්වුණා.