කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන ලැබෙන්නෙ මෙහෙමයි… මහ බැංකුවෙන් නිවේදනයක්.!

2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම් වලදී සාකච්ඡා කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, සහ මෑත කාලීන අහිත කර සාර්ව ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සැලසීමට නියමිත සහන අවධාරණය කරමින් ශ්‍රී ලංකා මහ බැකුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

තවද, ණය සහන සැලසීම් සිදු කෙරෙමින් පවතින බැවින්, ශ්‍රී ලංකා බැංකු සංගමයේ අදහස වූයේ, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටු වීම 2025.03.31 දිනෙන් ඔබ්බට සිදු කිරීමට අවශ්‍ය නොවන බවද මහ බැකුව සදහන් කරයි.

2024 දෙසැම්බර් (15) දිනට ගෙවිය යුතු මුළු හිඟ ණය ප්‍රාග්ධනය රුපියල් මිලියන 25ට අඩු, රුපියල් මිලියන 25ත් 50ත් අතර සහ රුපියල් මිලියන 50ට වැඩි සුදුසුකම්ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන් විසින් පිළිවෙළින් 2025 දෙසැම්බර් (31), 2025 සැප්තැම්බර් (30) සහ 2025 ජූනි (30) දිනයන්ට පෙර ප්‍රතිලේඛනගත කළ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *