Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බංගලාදේශය ස්කොට්ලන්තය හමුවේ පරාජය වෙයි

By News Team on October 18th, 2021 in Sport

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ තරඟ ඊයේ (17) ආරම්භ වුණා.

තරඟාවලියේ සමාරම්භක වූ ඊයේ (17) තරඟ දෙකක් පැවැත්වුණා.

ඒ අනුව ඕමානය සහ පැපුවා නිව් ගිනීයාව අතර සහ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් අතරයි.

එම තරඟවලින් ජය ගැනීමට ඕමානය සහ ස්කොට්ලන්ත කණ්ඩායම් සමත් වුණා.

පළමුව පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුව පැපුවා නිව් ගිනියා කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළා.

ඒ අනුව පැපුවා නිව් ගිනියා නියමිත පන්දුවාර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වුණා.

පැපුවා නිව් ගිනියා කණ්ඩායම වෙනුවෙන් නායක Assad Vala ලකුණු 56ක් ලබාගත්තා.

ඕමානය වෙනුවෙන් නායක Zeeshan Maqsood කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 130 ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 4කදී කිසිඳු කඩුල්ලක් නොදැවී ඉල්ලකය පහසුවෙන් පසුකර යාමට සමත් වුණා.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඕමානය වෙනුවෙන් ශතක සබඳතාවක් ගොඩනැගූ අතර Aqib Ilyas ලකුණු 50ක් සහ Jatinder Singh ලකුණු 73ක් ලබාගත්තා.

දෙවන තරඟය ලෙස පැවැති ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර තරඟයෙන් ස්කොට්ලන්තය ලකුණු 06ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනාගනිමින් බංග්ලාදේශ ස්කොට්ලන්තයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළා.

ඒ අවසරයෙන් ස්කොට්ලන්තය කඩුලු 9කට ලකුණු 140ක් ලබාගැනීමට සමත් වුණා.

ස්කොට්ලන්තය වෙනුවෙන් Chris Greaves ලකුණු 45ක් ලබාගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් Mahedi Hasan කඩුලු 3ක් බිඳ දැමුවා.

ලකුණු 141ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් පමණි.

බංගලාදේශ ඉනිමේ කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 40 සීමාවට ළඟා වීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු වුයේ Mushfiqur Rahim පමණි.

ඔහු පන්දු 36කින් ලකුණු 38ක් ලබාගත් අතර ඊට හයේ පහරවල් දෙකක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුණා.

ස්කොට්ලන්තය වෙනුවෙන් Bradley Wheal කඩුලු 3ක් දවා ගත්තා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද (18) පැවැත්වෙනවා.

ඒ නෙදර්ලන්තය සහ අයර්ලන්තය කණ්ඩායම් අතර සහ ශ්‍රී ලංකාව සහ නැම්බියා කණ්ඩායම් අතරයි.