Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාවට වඩා ශ්‍රී ලංකාව පාලනය කරන්න බංග්ලාදේශයට පුළුවන් – ලංකා රජයට බංග්ලාදේශ මාධ්‍යයකින් හින්ට් එකක්

By News Team on January 24th, 2022 in Exclusive Story

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ආර්ථික ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති බව පෙන්නුම් කරන බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් සේවයක් වන ඩකා ට්‍රිබියුබ් පුවත්පත් වර්තාවක මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තැතිගැන්වෙන සුළු තත්ත්වයක් අදාළ වාර්තාවේ සඳහන් වනවා.

ඒ අනුව ඔවුන්ගේ වාර්තාවේ පෙන්වා දී ඇත්තේ රජය විදේශ විනිමය මිල රජය විසින් නියාමනය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි.

අවශ්‍ය තරම් විදේශ විනිමය ලබා ගැනීමට නම් සිදුකළ යුත්තේ ඒ සඳහා ගෙවීමට අවශ්‍ය වන රුපියල් ගණන වෙනස් කිරීම පමණක් බව එහි වාර්තා වේ.

අදාළ වාර්තාවේ සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා රජයට වඩා ශ්‍රී ලංකාව පාලනය කිරීමට බංගලාදේශයට සුදුසුකම් ඇති බවයි.

කෙසේ වෙතත් අවාසනාවකට ජාත්‍යන්තර තත්ත්වය අනුව යටත්විජිත සංකල්පය තවදුරටත් සිදු නොවන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අදාළ වාර්තාව මෙතනින්…