Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට – තෙල් මිලත් ඉහළ යන ලකුණු?

By News Team on October 11th, 2021 in Local

තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් බේකරි නිෂ්පාදන ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (11) දහවල් සාකච්ඡාවක් පවත්වන බව බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ බොහෝ දුරට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ යනු ඇති බවත් අනෙක් බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ට ඉඩ ලබා දෙන බවයි.

මේ අතර පවතින තත්වය හමුවේ ඉන්ධන මිළ ඉහළ දැමීමේ අවශ්‍යතාවයක්ද උද්ගතව ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇති බවයි කොළඹ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේ.