Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අසාද් සාලි ලබන 31 වනදා දක්වා රිමාන්ඩ්

By News Team on August 18th, 2021 in Local

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මාස 5කට ආසන්න කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අසාද් සාලි මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් අදාළ නියෝගය ලබා දී තිබේ.

අසාද් සාලි ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු 16 වනදා අත්අඩංගුවටගනු ලැබීය.

ඒ, ඔහු විසින් මාර්තු 09 වනදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

අසාද් සාලි මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

එම ස්ථානයට ගිය මහෙස්ත්‍රාත්වරයා සැකකරුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු තවදුරටත් රිමාන්ඩ් කිරීමට අදාළ නියෝගය දුන් බවයි වාර්තා වන්නේ.