Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇවන්ට්ගාඩ් සභාපති තවත් නඩුවකින් නිදහස් කෙරේ

By News Team on July 27th, 2021 in Local

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළ රුපියල් ලක්ෂ 355 ක අල්ලස් නඩුවෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතායි නියෝගය ලබාදුන්නේ.

අල්ලස් කොමිසම විසින් ඔවුන්ට එරෙහිව තිබූ චෝදනා ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව චූදිතයන් දෙදෙනා නිදහස් කිරීමටයි අධිකරණය නියම කර ඇත්තේ.