Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කොරෝනා බලපෑමට ලක්වූ මෙරට ආර්ථිකය යථාවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජයේ සහාය

By News Team on August 26th, 2021 in Business

කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්වූ මෙරට ආර්ථික යථාවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජයේ සහාය පළවී තිබෙනවා.

ඔස්ටේ‍රිලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ඇමෙන්ඩා ජුවෙල් මහත්මිය කියා සිටියේ එරට ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාවේ වැඩසටහන යටතේ මෙම සහාය ලබා දෙන බවයි.

තිරසාර ආර්ථික වර්ධනයට සහ දිළිඳු බව අවම කිරීමට මෙන්ම හවුල් ව්‍යාපාරවලට වාණිජ ප්‍රතිලාභ අත්කර ගැනීමට සහාය හිමිවනු ඇති බවද ඇය සඳහන් කළා.

කොවිඩ් බලපෑමෙන් මෙරට ආර්ථිකයේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කුඩා ව්‍යාපාර, අවිධිමත් සේවකයන් සහ කාන්තාවන් ඇතුඵ කාණ්ඩබව මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු රජය සිය ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව මගින් ව්‍යාපාර මුලික ආර්ථික වර්ධනයකට සහ කොවිඩ් බලපෑම් ජයගෙන යථාවත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වනු ඇති.