Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඕස්ට්‍රේලියාව පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා ගනී

By News Team on July 25th, 2021 in Sport

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා ජිම්නාස්ටික් ඉසව්වට තරඟ වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා මිල්කා ගෙහානි ක්‍රීඩිකාව එම ඉසව්වේ 28 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

ඇයට ලකුණු සටහනේ හිමිවුණේ 45.798කි.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සිය පළමු රන් පදක්කම දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව අද (25) සමත් වුණා.

ඒ මීටර් 100 කාන්තා සහය පිහිනුම් ඉසවෙනි.

මෙය ඕස්ට්‍රේලියාව අඛණ්ඩව දිනාගත් 3 වන රන් පදක්කම ලෙසයි වාර්තා වන්නේ.