Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බල්ගේරියාවේ බස් රථයක් ගිනි ගැනීමෙන් කුඩා දරුවන් 12ක් ඇතුළු පුද්ගලයින් 45ක් මරුට

By News Team on November 23rd, 2021 in International

බටහිර බල්ගේරියාවේ බස් රථයක් අනතුරකට ලක්වීමෙන් ඇති වූ ගිනි ගැනීමකින් දරුවන් 12 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 45කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සොෆියා අගනුවරට නිරිත දෙසින් පිහිටි අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට ලක්වූ බස් රථයේ තුර්කියේ සිට ආපසු පැමිණෙමින් සිටි සංචාරක පිරිසක් රැගෙන යමින් සිට ඇති බව වාර්තා වනවා.

පුද්ගලයින් 07 දෙනෙක් අනතුරින් දැඩි පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ග ගතකර තිබෙනවා.