Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇස්ට්‍රාසෙනෙකා ගැන බොරු කියූ අසේල සම්පත CID අත්අඩංගුවට

By News Team on June 26th, 2021 in Local

සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ බව කියන අසත්‍ය ප්‍රකාශයට අදාළවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කර තිබූ පැමිණිල්ලකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර අසේල සම්පත් මහතාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට සමඟි ජන බලවේගය කැපවෙන වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ.

විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු වෙනුවෙන් සමඟි ජන බලවේගය නොමිලේම නීතිමය සහය ලබාදීමට තීරණය කර ඇති බවයි.

සියලු ශ්‍රී ලාංකේය පුරවැසියන්ට ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව කථා කිරීමේදී අයිතිය ද සෑම කෙනෙකුටම ඔවුන්ගේ නිදහස භුක්තිය විදීමේ අයිතිය ද සුරක්ෂිත විය යුතු අතර ඒ වෙනුවෙන් සමඟි ජන බලවේගය තිරසරව පෙනී සිටින බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.