Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඕමානයෙන් ප්‍රතිචාර නැති නිසා තෙල් ගන්න ආණ්ඩුව ඉන්දියාවෙන් ණය ඉල්ලයි

By News Team on October 18th, 2021 in Local

ඉන්ධන මිලදී ගැනීමට සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සම්බන්ධතාව මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

අදාළ මුදල පෙට්‍රල් සහ ඩීසල් ආනයනට යෙදවිමටයි රජය තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් මීට පෙර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඕමානයේ සංචාරයක නිරත වෙමින් තෙල් ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණා.