Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

නිරෝධායන රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි – සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක්

By News Team on July 9th, 2021 in Local

නිරෝධායන රෙගුලාසි යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොණු කර තිබෙනවා.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, සමගි තරුණ බලවේගය වෙනුවෙන් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුනු විසිනුයි මෙම පෙත්සම් ගොණු කර ඇත්තේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ යොදාගනිමින් සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට පොලීසිය ගන්නා ක්‍රියාමාර්ග තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත්තේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ නීතිපතිවරයා යි නම් කර ඇත්තේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිරෝධායන පනත යටතේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර එතුළින් උද්ඝෝෂණ තහනම් කර ඇති බවයි.

එම නිරෝධායන මාර්ගෝපදේශ උපයෝගී කරගනිමින් පොලීසිය විසින් සාමකාමී උද්ඝෝෂණ දිගින් දිගටම මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවටයි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ.

ඊට සහභාගී වන පුද්ගලයින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර ඇති ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නමැති මූලික අයිතිය උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.