Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජාත්‍යන්තර සිසුන් නැවතත් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ගෙන්වා ගැනීමේ අනුමැතිය

By News Team on October 6th, 2021 in International

ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වික්ටෝරියා ප්‍රාන්තයට නැවත ගෙන්වා ගැනීම සඳහා ප්‍රාන්ත රජය අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙම තීරණය වසර අවසානයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව පළමු අදියරේ දී සතියකට සිසුන් 120ක බැඟින් මෙල්බර්න් නගරයද ඇතුළත් වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට ප්‍රාන්ත රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

සිසුන්ගේ හෝටල් නිරෝධායනය සඳහා වැය වෙන ඩොලර් 5000ක් බැඟින් වන මුදල අධ්‍යාපන ආයතනය විසින් දැරිය යුතු වනවා.

මෙම යෝජනාව ෆෙඩරල් රජයේ අනුමැතිය සඳහා යොමු කර ඇති අතර බොහෝ දුරට මේ සතියේ දී ඒ සඳහා අනුමැතිය ලැබෙනු ඇති බව සඳහන්.

ඊයේ (05) දිනයේ දී ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ දේශ සිමා විවෘත කිරීමෙන් පසු ප්‍රමුඛතාව හිමිවන්නේ ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු ශ්‍රමිකයන් රටට ගෙන්වා ගැනීමට නියමිතයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඩොලර් බිලියන 14ක මුදලක් උපයනු ලබන බවයි.