Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

By News Team on November 24th, 2021 in International

කොරෝනා තත්ත්වය හමුවේ ලබන මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ ඇතැම් කොටස්වල අමතරව පුද්ගල මරණ ලක්ෂ 07ක් පමණ වාර්තා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඔවුන් නිකුත් කළ නවතම පර්යේෂණ වාර්තා වේ සඳහන් වන්නේ යුරෝපා කලාපයේ රටවල් 53ක් මේ වන විට කොරෝනා මරණ ලක්ෂ 15ක වැඩි ගණනක් සටහන් වී ඇති බවයි.

ලබන මාර්තු මාසය වන විට ඉන් රටවල් 49ක පමණ දැඩි සත්කාර ධාරිතාවයද ඉක්මවා යනු ඇති බවද එම වාර්තාවේ පෙන්වා දී තිබෙනවා.

මේ අතර යුරෝපයේ නැවත වරක් කොරෝනා රැල්ලක් පැතිර යමින් පවතිනවා.

ඔස්ට්‍රියාව නැවත වරක් පුර්ණ ලොක්ඩවුන් තත්ත්වයකට පත්ව ඇති අතර ප්‍රංශය සහ ජර්මනිය, ග්‍රීසිය වැනි රටවල ද කොරෝනා මර්දන නීති සහ සංචරණ සීමා දැඩි කර තිබෙනවා.

එම රටවල සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සංචරණ සීමා දැඩි කිරීමෙන් තොරව මෙම තත්ත්වය පාලනය කරගත නොහැකි බවයි.