Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දියාවෙන් තවත් වෛරසයක් හඳුනා ගැනේ – හදිසි තත්ත්වයකුත් ප්‍රකාශයට පත් කෙරේ

By News Team on July 9th, 2021 in International

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් සිකා වෛරසය ආසාධිතයන් 14 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟින් සමස්ථ ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් පනවා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්දපුරම් යන ප්‍රදේශයෙන් මෙම ආසාධිතයින් හමුවී ඇති බවයි.

මීට පෙර 2016 සහ 2017 යන කාල සීමාවේදී ඉන්දීය ගුජරාට් ප්‍රාන්තයෙන් සිකා වෛරස ආසාධිතයින් සොයා ගැනුණා.

මදුරුවන්ගෙන් මුලික ලෙස ව්‍යාප්ත වන සිකා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ අතර කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් වන කප්පා ප්‍රභේදය ආසාධිතයින් දෙදෙනෙක් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව ඩෙල්ටා වෛරස ආසාධිතයින් 107 දෙනෙක්ද හමුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.