Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් සංගමයක් වර්ජනය කිරීමට සැරසෙයි

By News Team on August 3rd, 2021 in Local

කොරෝනා අනතුරු දීමනාව අඛණ්ඩව ලබාදීම ඇතුළු ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් අනිද්දා සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරනවා.

රටේ කොරෝනා වසංගතය අවසන් බව හඟවා සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට කැඳවමින් කොරෝනා අනතුරු දීමනාව ඇතුළු පහසුකම් කප්පාදු කිරීමේ සුදානමක් පවතින බවයි ඔවුන් චෝදනා කරන්නේ.

වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආණ්ඩුව කොරෝනා තුරන් වී ඇතැයි ව්‍යාජ මතයක් නිර්මාණය කිරීමට ආණ්ඩුවේ සුදානම් ඇති බවයි.