Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පාසල් විෂය නිර්දේශයට තවත් විෂයක් එකතු වෙයි

By News Team on September 12th, 2021 in Local

රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයී අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ජා වී තිබෙනවා.

එමෙන්ම වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විෂමතාව විසඳීම ප්‍රබල ගැටලූවක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලද ක්‍රමවත් කළ යුතු බවයි.

අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වර්තමානයේදී රාජ්‍ය භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බවයි කාරක සභාවේ සාමාජික අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සදහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 02 ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබා දීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණ වුණා.

පාසල් වලට අනුයුක්ත කර ඇති උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවටද මෙම කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වූ බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව