තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට ළඟා වෙයි
By News Team on August 16th, 2021 in Local

ශ්රී ලංකා විසින් මිළඳී ගත් අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්රා ලක්ෂයක් අද (16) දිවයිනට ළඟා වී තිබෙනවා.
කටාර් හි දෝහා සිට පැමිණි භාණ්ඩ ප්රවාහන ගුවන් යානයකින් මෙම එන්නත් මාත්රා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම එන්නත් තොගය අද (16) අළුයම 02.35ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් මාත්රා තොගය ළඟා වී තිබෙනවා.