Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා තවත් එන්නත් තොගයක් ශ්‍රී ලංකාවට

By News Team on August 7th, 2021 in Local

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728000ක් දිවයිනට ළඟා වී තිබෙනවා.

අද (07) පස්වරු 04.20ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 455 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි.

අදාළ එන්නත් තොගය ජපානයේ නරීටා ගුවන් තොටුපොළින් අද (07) උදෑසන පිටත්ව තිබුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, ජපාන රජයෙන් කළ ඉල්ලීම මතයි මෙම එන්නත් තොගය මෙලෙස ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත්තේ.

අද (07) දිනයේ ලැබුණු මෙම එන්නත් තොගය සමඟ මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 14ක් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා.