Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාවේ තවත් ක්‍රීඩකයෙක් ඔලිම්පික් තරඟාවලියෙන් ඉවතට

By News Team on July 26th, 2021 in Sport

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන අද සහභාගී වූ තරඟ ඉසව්වෙන් පරාජයට පත් වුණා.

ඒ කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ තරඟයේ ප්‍රතිවාදී ජිබුටි රාජ්‍යයේ ක්‍රීඩකයා හමුවේ 10ට 00 ලෙසයි.

මේ අනුව මෙවර ඔලිම්පික් තරඟාවලියේ දී ඉවත්වීමට සිදුවූ 04 වන ලාංකික ක්‍රීඩකයා වනවා.

මේ අතර ඔලිම්පික් රන් පදක්කම දිනාගත් ලාබාලම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වීමට ජපානය නියෝජන කළ 13 හැවිරිදි ස්කේට් බෝඩ් ක්‍රීඩිකා මොමිජි නිශියා අද (26) සමත් වුණා.

තියුණු සටනකින් පසු ඇය හමුවේ පරාජයට පත්වුයේ බ්‍රසීලයේ 13 හැවිරිදි රයියා ලීල් යන ක්‍රීඩිකාවයි.

රන් පදක්කම දිනා ගැනීම සඳහා මොමිජි නිශියා ලකුණු 15.26ක් ලබාගත් අතර දෙවන ස්ථානය දිනාගත් රයියා ලීල් රිදී පදක්කම දින ගැනීම සඳහා ලබා ගත් ලකුණු ගණන 14.64කි.