Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගෙන එයි

By News Team on August 24th, 2021 in Local

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනක් අද (24) අළුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

අද අළුයම 05.09ට චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්. 869 දරණ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් එමම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ තවත් මාත්‍රා මිලියන දෙකක් මේ මස අගදී දිවයිනට ලැබීමට නියමිත බවයි.

මේ අනුව අද (24) දිනයේ ලැබුණු මෙම සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයත් සමඟ ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති සමස්ථ එන්නත් මාත්‍රා ගණන මිලියන 15.7 දක්වා ඉහළ යනු ඇති.