Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මන්ත්‍රීවරයෙක් සදහා තවත් මිලියන 05 ක් වෙන් කෙරේ

By News Team on November 12th, 2021 in Local

ගම සමග පිළිසදර වැඩසටහන යටතේ ගම්මාන සංවර්ධනය සදහා 2022 වසර වෙනුවෙන් රුපියල් මිලියන 85,000 ක මුදලක් වෙන් කර තිබෙනවා.

මේ යටතේ සෑම ග්‍රාම සේවා වසමක් සදහාම රුපියල් මිලියන 03 බැගින් වෙන් කෙරෙන බවයි අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සදහා තවත් අමතර රුපියල් මිලියන 05 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජිතයි.

කොවිඩ් වසංගතය හමුවේ ආදායම් මාර්ග අහිමිවූ පාසල් වෑන් සහ බස්රථ හිමියන්, ත්‍රි රෝද රථ හිමියන් සහ පෞද්ගලික බස්රථ හිමියන් වෙනුවෙන් සහන ලබාදීම සදහා වෙන්කෙරෙන මුදල් පිළිබඳව ද මුදල් අමාත්‍යවරයා අයවැය කථාවේදී පැහැදිලි කළා.

ඒ අනුව පාසල් වෑන් සහ බස්රථ හිමියන් සදහා සහනදීමට රුපියල් මිලියන 400 ක්ද, ත්‍රී රෝද රථ හිමියන් සදහා සහන දීමට රුපියල් මිලියන 700 ක්ද, පෞද්ගලික මගී ප්‍රවාහන බස් හිමියන් සදහා රුපියල් මිලියන 1500 ක්ද වෙන්කර ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ.

නව ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව 2022 වසරේ සිට ඉවත් කිරීමට යෝජනා කෙරුණා.

විශ්‍රාම වැටුප් නොලබන වැඩිහිටියන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කෙරෙන අතර එයට ආරම්භක අරමුදලක් ලෙස රජය රුපියල් බිලියන 100ක් වෙන් කෙරෙනු ඇති.

2021 වර්ෂ අයවැයෙන් යෝජනා කළ විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ එම භාණ්ඩ සහ සේවා සඳහා 2022 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා කලා.

ත්‍රීරෝද රථ ගාස්තු හා සේවා ප්‍රමිතිකරණය කිරීමට නියාමන අධිකාරියක් ස්ථාපිත කෙරෙනු ඇති.

වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් සදහා වල් පැළ හරණය සදහා හෙක්ටයාර 01කට රුපියල් 5000 ක මුදලක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.