Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඩෙල්ටා ප්‍රභේදය ගැන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් තවත් අනාවරණයක්

By News Team on August 20th, 2021 in Local

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවත් අනාවරණයක් සිදුකර තිබෙනවා.

එහි අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ ඩෙල්ටා ප්‍රභේදය ආසාධනය වී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 05ත් 06ත් අතර කාලයක් ගතවන බවයි.

එනම් වෛරසය ආසාධනය වීමත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් අතර පරතරය දින 2ක් පමණ වුවත් ඩෙල්ටා වෛරසයට පෙර එම පරතරය පැවතියේ දිනයකටත් අඩු කාලයක් ලෙසයි.

මේ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයෙකුගෙන් තවත් අයෙකුට එය වැළඳීමේදී පූර්ව රෝග ලක්ෂණ සමයේදී එය වැලඳීමේ ප්‍රතිශතය සියයට 74 ක් වැනි ඉහළ අගයක පවතිනවා.

එම වෛරස ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමට හේතුවද එය බවයි ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් එන්නත්කරණයට ලක්වූවන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාධනයවීම එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට වඩා සියයට 65 කින් පමණ අඩු බවද අනාවරණ වී තිබෙනවා.

එනම් ඩෙල්ටා ප්‍රභේදය ආසාධනයවීමෙන් වැළකී සිටීමට එන්නත්කරණය ඉතා වැදගත් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කලේ.