Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යොහානිගෙන් තවත් වාර්තාවක්

By News Team on October 15th, 2021 in Gossip

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟ කළ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි, යූ ටියුබ් සමාජ මාධ්‍ය නාලිකාවේ ග්‍රාහකයින් සංඛ්‍යාව අතින් ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥයෙකු වන ඒ.ආර්. රහුමාන් අභිබවා තිබෙනවා.

රහුමාන්ගේ යූ ටියුබ් ග්‍රාහකයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 2.93ක් වන අතර, යොහානිගේ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 2.97ක්.

සිය ලුණු සංගීත කණ්ඩායම සමඟ පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ යොහානි ගුරුග්‍රාම් සහ හයිද්‍රාබාද් හි දී ප්‍රසංග දෙකකට සහභාගි වූ අතර, සුප්‍රකට බිග්බොස් ඉන්දීය ටෙලිවිෂන් රියැලටි වැඩසටහනට විශේෂ ආරාධනයක් ලැබ එක්වූයේ සල්මාන් ඛාන්ට ද මැණිකේ මගේ හිතේ ගීතයේ වදන් කියා දෙමින්.

යොහානි සතීෂාන් සමඟ ගැයූ මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූ.ටියුබ් නාලිකාවේ පහළොස් කෝටි හතළිස් එක්ලක්ෂ අසූ අටදහස් හත්සියයක් නැරඹුම්වාර පසුකර තිබෙනවා.