Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගවේෂණාත්මක මාධ්‍යවේදී සංගමයකින් තවත් රාජපක්ෂ නමක් ජාත්‍යන්තරයට යවයි

By News Team on October 4th, 2021 in Local

ලෝකය පුරා සිටින රාජ්‍ය නායකයන්ගේ, දේශපාලකයන්ගේ, ධනවතුන්ගේ සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාව සඟවමින් සිදු කරනු ලැබූ මුදල් විශුද්ධිකරණ සිදුවීම පිළිබඳ ගවේශණාත්මක හෙළිදරව් කිරීම් සිදු කිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සංගමය සමත්ව තිබෙනවා.

මිලියන 12කට අධික ලේඛනවලින් යුත් මෙම හෙළිදරව්ව පැන්ඩෝරා පත්‍ර යනුවෙනි නම් කර ඇත්තේ.

මෙලෙස නිකුත් වූ ලේඛණවලට ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත්.

ඇය වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණිය වන අතර ඇයගේ පුතා වන නිපුණ රණවක මහත මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා.

මෙම ලිපි ගොනුවට වත්මන් සහ හිටපු නායකයන් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ 300කට වැඩි සංඛ්‍යාවකගේ නම් ඇතුලත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජෝර්දානයේ රජු අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දේපළ පවුම් මිලියන 70ක රහසිගතව එකතු කරගෙන ඇති බව අදාළ ලේඛණ මඟින් තොරතුරු හෙළිකර තිබෙනවා.

ඊට අමතරව හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ ලන්ඩන් හි කාර්යාලයක් මිලදී ගැනීමේ දී මුද්දර ගාස්තු වශයෙන් පවුම් 312000ක ඉතිරි කළ ආකාරය පිළිබඳ ද මෙම ලේඛණවලින් හෙළිදරව් ඇති බවයි වාර්තා වන්නේ.

තවද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ රහසිගත දේපළ මොනාකෝ රාජ්‍යයේ ඇති බවත් මෙමගින් වැඩිදුරටත් අනාවරණ කර තිබෙනවා.

https://www.icij.org/investigations/pandora-papers/power-players/