Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ප්‍රතිපත්තියක් රිවර්ස් වෙයි – වී, බඩඉරිගු, එළවළු සඳහා රාසයනික පොහොර ගෙන්වීමට රජය තීරණය කරයි

By News Team on November 21st, 2021 in Local

රජය වී, බඩඉරිගු, එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය කෘෂි භෝග සඳහා අවශ්‍ය කෘෂි රසායන නැවතත් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහ කන්නයේ වගා අවශ්‍යතාව සහ පසුගිය සති කිහිපයේ වර්ෂාවෙන් එල්ලවූ බලපෑම ගෙන කෘෂි රසායන කඩිනමින් ආනයනය කර ගොවීන් අතට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ මත වගා බිම් වෙත අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් කෘෂි රසායන ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තේ, පොල්, රබර් සඳහා අවශ්‍ය කෘෂි රසායන ආනයනය සඳහා මේ වන විට බලපත්‍ර ලබා දී තිබෙනවා.

මෙම කෘෂි රසායන ඉදිරි සති දෙක ඇතුළත ගොවින් වෙත බෙදා දීමට අපේක්ෂා කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.