Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් නාය යෑමේකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

By News Team on November 10th, 2021 in Local

කුරුණෑගල දොඩම්ගස්ලන්දපුර ප්‍රදේශයේ නිවසකට ගල් පෙරලී සිදුවූ අනතුරකින් එම නිවසේ ජීවත් වූ අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) රාත්‍රී 11.30ට පමණ මෙම නාය යෑම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ත් සහ 75ත් අතර වයසේ පසුවූ වැඩිහිටි අඹු සැමි යුවලක් බවයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

නාය යෑමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මෘත දේහ අද (10) නිවසේ සුන්බුන් අතර තිබී සොයා ගනු ලැබුවා.