Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් රාජ්‍ය නිලධාරියෙක් තනතුරෙන් ඉවත් වෙයි

By News Team on September 9th, 2021 in Local

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය තනතුරෙන් ඉවත් වී ඇති බවයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කළේ.

පෞද්ගලික හේතුවක් මත එම තනතුරෙන් ඉල්ලා අස්වෙන බව අදාළ ලිපියෙන් ඇය දැනුම් දී තිබෙනවා.

මීට පෙර ද ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අදාළ තනතුරෙන් ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබුණත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ දී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.