Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා මෙරටට ගෙන එයි

By News Team on August 30th, 2021 in Local

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 150000ක පමණ තොගයක් අද (30) අළුයම මෙරටට ගෙනැවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

එන්නත් තොගය නෙදර්ලන්තයේ අම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන එමෙන් අනතුරුව අද (30) කටාර් ගුවන් සේවයේ QR 668 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් මෙරටට රැගෙන විත් තිබෙනවා.